Thursday, August 23, 2012
අහස් කුස මගෙ නොවෙයි
නිල් සයුර මගෙ නොවෙයි
හමන මදනළ මගෙ නොවෙයි
ඒ නුඹත් මගෙ නොවෙයි
ඒ නමුත්
නුඹ නමින් මා ලියූ කවි පද මගේමයි
නුඹ නමින් මා මැවූ සිහිනයද මගේමයි
නුඹ නමින් එකතු කල මතකයද මගේමයි
නුඹ නමින් ප්‍රේම කල මේ හිතද මගේමයි.....
ජීවිතේ තරම්ම වටිනවා
මොහොතකට මම ඔයාගෙ ජීවිතේ
ඔයාගෙන් උදුර ගත්තොත්
ඔයාට මොනතරම් දුක හිතේවිද ?
ඒත් ඔයා දුක් වෙනවා
මට බලන් ඉන්න පුළුවන් වේවිද?
මම නම් දන්නෙ නෑ
හිතා මතා ඔයාගෙ ජීවිතේ
මම ටිකකට නොවෙයි
මුළු ජීවිත කාලෙටම
හොරකම් කරගත්තා කියලා
ඔයා මට චෝදනා කරනවද ?
ඔයා ඔයාගෙ ජීවිතේ
කියලා හිතන් ඉන්නෙ
ඔයාගෙ ආදරේ නම්
අනේ
ඒ ජීවිතේ වෙන්න තරම්
මම වාසනාවන්තද ?
Subscribe to:
Posts (Atom)