Monday, September 24, 2012

මගේ උපන්දිනයට ලැබුනු ආදරණීයම තෑග්ග

මේ තෑග්ග මට ලැබුණෙ නම් ගිය අවුරුද්දෙ

20110920

ගාලු මුවදොර 
රෝහලේ තිඹිරිගෙයි
සොඳුරු නිමේෂෙක
වේදනා බිඳ රෝස දෙතොලින් 
සලා නැඟූ හඬ තාම මතකයි
අවුරුදු 23කින් ඉක්බිති
ඔබ, සතුට දුක එකට හිඳ 
බෙදාගත් දිරිය දියණියයි
ඉදිරි දිවි ම‍‍ඟෙහි 
සුවහසක් වාසනා මල් පිපේවා...!
පතන්නේ 
සදාදර අම්මා.

මේ අවුරුද්දෙත් මට ලැබුන ඒ වගේම තෑග්ගක්

20120920

ආදරණීය දියණියේ,

සුසුමක් මැදින් ලද
කුසුමක් විය ඔබ
මගේ හිරු ඔබයි
මගේ සඳු ඔබයි
අහස් ගැබ මමයි නම්
ඒ අහසේ
හිරු, සඳු හා තරුද ඔබයි
ඔබ දිනූ දා අප ‍ලොවට
හිරු පායා ආවා සේ
ලොව එළිය කරනා
මිණි පහනක් වන්න ඔබ
එයයි ආදරණීය පැතුම 
ඔබ දිනූ දා....

සදාදර අම්මා.


පඃලිඃ
මේ හැම පද වැලක්ම සිය දහස් වාරයක් කියවන්න ඇති මම.ඒ හැම වෙලාවකම මගේ ඇස් කඳුලින් පිරෙනවා.පොත්, මම ආසා කරන තවත් දේ උපන්දිනේට තෑගි විදියට ලැබුනත්, හැම අවුරුද්දෙම මම බලන් ඉන්නෙ අම්මාගෙන් මේ තෑග්ග ලැබෙනකල්. සල්ලි වියදම් කරලා ගන්න කොයි තෑග්ගකටත් වඩා මේ හැඟීම් පිරුන ආදරණීය තෑග්ග මට මහමෙරක් වගේ.......