Sunday, August 5, 2012

හිදිමි මග දුර බලන්.........

විටෙක දැනෙනා සුමුදු සිසිලස
හැර යාවි නම් සැනින් වෙන්වී
ගොතන ගෙත්තම් දිවි කතර ගැන
ඵලක් වේවිද කිනම් ලෙසකින්

ලෙලෙන අතු අග පිපුණු මල් ඇත
සුවද විහිදුන් පෙති අරන්
දැවෙන ලෝකෙක නොසැලි ඉමු අපි
කදුළු පොදි බැද ගුලි කරන්

සුපෙම් ලෝකෙක බැදෙන ප්‍රාසද
ස්වප්නයක් ලෙස දැක ඇතත්
සැලෙන නෙතු අග දකින තුරු එය
හිදිමි මග දුර බලන්

10 comments:

  1. මම කැමතිම මේකට :)

    'ලෙලෙන අතු අග පිපුණු මල් ඇත
    සුවද විහිදුන් පෙති අරන්
    දැවෙන ලෝකෙක නොසැලි ඉමු අපි
    කදුළු පොදි බැද ගුලි කරන්'

    ලස්සනයි යාලු :)

    ReplyDelete
  2. ස්තූතියි හිරු.....

    ReplyDelete
  3. ඇත්තටම හරි අපුරු කවියක්..

    ReplyDelete
    Replies
    1. හැබෑවටම.... සතුටුයි, ස්තූතියි දිනේෂ්....

      Delete
  4. ලස්සනම වචන ටිකක්....දිගටම ලියන්න බිනරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී.....ඇත්තටම ස්තූතියි දිරිගැන්වීමට

      Delete
  5. හොඳට හිතට දැනෙන වචන ටිකක් බිනරි..
    ජය වේවා...

    ReplyDelete
  6. ස්තූතියි රෙඩ්....

    ReplyDelete
  7. වෙනසක් දැනුන...හොදයි...මම බලන් ඉන්නවා දිගටම ලියන්න....

    ReplyDelete
  8. ස්තූතියි....කවදාවත් නැතුව කමෙන්ට් එකක් දැක්කාම පුදුමත් හිතුනා....

    ReplyDelete