Thursday, August 23, 2012


අහස් කුස මගෙ නොවෙයි
නිල් සයුර මගෙ නොවෙයි
හමන මදනළ මගෙ නොවෙයි
ඒ නුඹත් මගෙ නොවෙයි

ඒ නමුත්

නුඹ නමින් මා ලියූ කවි පද මගේමයි
නුඹ නමින් මා මැවූ සිහිනයද මගේමයි
නුඹ නමින් එකතු කල ‍මතකයද ම‍ගේමයි
නුඹ නමින් ප්‍රේම කල මේ හිතද ම‍ගේමයි.....

10 comments:

  1. හ්ම්ම්..
    නුඹ මගේ නොවුනාට
    නුඹේ වුනු මගේ හද
    ලීයූ කව් සිය ගණන්
    නුඹ නමට පුදමි මම...

    හරිම ලස්සනයි යාළු..

    ReplyDelete
  2. කමෙන්ටුවත් හරිම ලස්සනයි.....ස්තූතියි රෙඩ්

    ReplyDelete
  3. ලස්සනම ලස්සනයි යාලු :)

    ReplyDelete
  4. ස්තූතියි හිරු.....:)

    ReplyDelete
  5. ඔහු නුඹේ නෙමේ මයි..
    නුඹත් ඔහුගේ නෙමෙයි..
    මගේ සිතට එය සැපයි..
    බිනරි නුඹ මගේමයි..
    අම්මගෙයි මුතුගෙයි..
    නුඹ අපේ විතරමයි...

    ReplyDelete
  6. ඇත්ත තමයි ඉතින්......

    ReplyDelete
  7. නුඔ ඔහුගේ නොවුනාට
    ඔහුගේ නමින් ඔබ ලියු කවි පද
    සැමදා අ‍පගේ සිත් තුල
    රැව් පිලි රැවි දේවි......

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට ‍ගොඩ වැදුනාට ස්තූතියි මගෙ මල්ලියෝ.....
      ඔහු මගේ නොවුනාට ආදරෙයි මම තාම...

      Delete
  8. අන්තිමට බලද්දි මමත් නෑ... අපිත් නෑ... කවුරුවත් නෑ... කුමට වද වෙන්නෙ.... කියල හිතෙනව...
    අමතක උණා ඊට පස්සෙ පනින්න වෙනවා සම්මුතියෙන් පිටට..

    ReplyDelete
  9. හ්ම් ඔව් වද නොවී ඉන්න....

    ReplyDelete