Thursday, August 23, 2012

                                                         
ජීවිතේ තරම්ම වටිනවා



මොහොතකට මම ඔයාගෙ ජීවිතේ
ඔයාගෙන් උදුර ගත්තොත්

ඔයාට මොනතරම් දුක හිතේවිද ?
ඒත් ඔයා දුක් වෙනවා 
මට බලන් ඉන්න පුළුවන් වේවිද?
මම නම් දන්නෙ නෑ

හිතා මතා ඔයාගෙ ජීවිතේ
මම ටිකකට නොවෙයි
මුළු ජීවිත කාලෙටම
හොරකම් කරගත්තා කියලා 
ඔයා මට‍‍‍ චෝදනා කරනවද ?

ඔයා ඔයාගෙ ජීවිතේ 
කියලා හිතන් ඉන්නෙ
ඔයාගෙ ආදරේ නම්
අනේ
ඒ ජීවිතේ වෙන්න තරම්
මම වාසනාවන්තද ?

6 comments:

  1. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
  2. මම නම් එයාගේ ජීවිතේ වෙන්න වාසනාවන්ත වුනේ නැ..
    ලස්සනයි කවිය යාළු..ඒත් අනේ මන්දා..ඔයාගේ බ්ලොග් එක මට හරියට මන් අමතක කරන දෙයක් මතක කරනවා.. :/

    දිගටම ලියන්න..මම දිගටම එනවා..

    ReplyDelete
    Replies
    1. සමහරවිට අපි දෙන්නටම එක සමාන අත්දැකීමක් ඇති රෙඩ්.....
      ස්තූතියි දිගටම එන්න මම ආසාවෙන් ඉදහිට හරි ලියන බ්ලොග් එකට පැවැත්මක් තියෙන්නෙ ඔයාලා ම‍ම ලියන දේවල් කියෙව්වොත්නේ....

      Delete
  3. ඔයා දන්නවා බිනරි... මම ආස නෑ මේවා බලන්න..
    කරන්න දෙයක් නෑ..
    මම ඉවසනවා..
    දාන්න කමෙන්ට් එකක් හිතට එන්නේ නෑ..
    දුකයි කේන්තියි දෙකක් මට..

    ReplyDelete
  4. හෆෝයි........මේවා ඉස්සර ලියපුවානේ මතක නැද්ද.....

    ReplyDelete