Thursday, May 10, 2012

 නෙත් කදුළින් තෙත් උනාට ඔබෙ රුව බොද වේදෝ.......


ගොඩක්ම රෑ වෙලා බ්ලොග් එක පැත්තේ ආවේ නින්ද අහලකටවත් ආවේ නැති නිසා. ඇයි මට ඒ මතක මේ තරම් වද දෙ‍න්නේ.....නිදාගන්න දෙන්නෙත් නෑ....කන්න බොන්න දෙන්නෙත් නෑ...වෙනදා වගේ හිනාවෙන්න සින්දුවක් කියාගෙන කෑ ගහන්න දෙන්නෙත් නෑ.....මේ හිත පණ නැති වෙලා. 
කරන්න වැඩ මහමෙරක් තියෙද්දි මගේ මේසේ දිහා බලන්නවත් බැරි තරමට අපිළිවෙල වෙලා.....
අම්මා අහනවා ‍"මොකද දරුවෝ වෙලා තියෙන්නේ....." අනේ මගේ අහිංසක බලු පැටියා එයාට මගේ දුක තේරෙනවා මගේ ළගට ඇවිත් මූණ ඉඹින ගමන් අහිංසක ඇස් මගේ දිහා බලන්නෙ " අඩන්න දුක් වෙන්න එපා එන්න මාත් එක්ක සෙල්ලම් කරමු" කියන්න ‍වගේ...."ඔයාට මාව දැන් අමතක වෙලා නේද?" කියලත් හිතනවා ඇති. ඇත්ත පැටියෝ මට ඔයාවත් අමතක වෙලා....මට මාවත් අමතක වෙලා තිබුනේ...යාන්තම් හිත හදා ගන්න පුංචි උත්සහයක් දරමින් ඉන්නවා. මම මාව ආයෙමත් ඉක්මනටම හොයා ගන්න ඕන.....


ඒත් සිද්ධ වෙන සමහර දේවල් හිත ආයෙමත් පස්සට අදිනවා.....මතක් වෙන සමහර දේවල් හිත ආයෙමත් පස්සට අදිනවා.....දකින සමහර දේවල් (සිතුවිලි) හිත ආයෙමත් පස්සට අදිනවා.....


                 කදුළු බිංදු බිම වැටෙද්දි අහුලන්නට               හැකිදෝ
                 ඔබ වෙතටම හිත දුවද්දි නවතන්නට              හැකිදෝ
                 හිරු අවරට බැස ගියාට නින්ද යලි‍ත්               ඒදෝ
                 නෙත් කදුළින් තෙත් උනාට ඔබෙ රුව බොද  වේදෝ


අනේ ඔය හිත තමයි මම ජීවත් වෙන්න ආසම තැන. ඒත් ඉස්සර දවසක් මම මූණු පොතේ ලිව්වා වගේ 
           ළං විය නොහැකි ලෙස 
           යදම් ලෑ
           අන්සතු හදක් ද ඒ
කියලා හිතෙන වාර අනන්තයි
ඒත් තාමත් හිත කියන්නේ ඔය හිත එක මොහොතක් හරි මට ආදරේ කළ බවමයි.
ඒ සිතුවිල්ල තමයි මට වද දෙන්නේ මේ තරම්
අනේ මට ඔයාව හමු නොවුනානම්, මගේ හිත ඔයාට ආදරේ නොකළානම්...........

6 comments:

  1. " අනේ මට ඔයාව හමු නොවුනානම්, මගේ හිත ඔයාට ආදරේ නොකළානම්"

    ඔහොම හිතෙන එකම එක්කෙනා ඔයා නෙමෙයි මම හිතන්නේ.. කාලෙකට උඩදි මටත් ඔහොම හිතුනා.. ඒත් කාලය ආපස්සට ගෙනියන්න බෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කාලය ආපස්සට ගෙනියන්න පුළුවන් උනත් එහෙම නොකර ඉන්න එක තමයි වඩා හොද......

      Delete
  2. හැමදේම වෙන්නෙ වෙන්න තියන විදිහට මිසක අපිට ඕන විදිහට නෙමෙයි...
    ඒකට තමයි ජීවිතය කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. හැමදේකම අන්තිමට හිත හදාගන්න වෙන්නේ ඒ ගැන හිතලා තමයි......ඒත් ම්ම්ම්......

      Delete
  3. ඔහ්.. මේක කියෙව්වාම නම් හිතුනේ ඔයායි මායි එකම බෝට්ටුවේ ඉන්න දෙන්නෙක් කියලා.. ඒකත් හරිම පුදුමයි.. මමත් හැමදාම හිතන්නේ "ඔය හිත එක මොහොතක් හරි මට ආදරේ කළ බවමයි.".....

    දහක් නෙත් අතරේ
    හිත බැඳුනු ඒ නෙත්
    මගේ නොම බව
    දැන දැන ම
    තව තවත් මම
    ලොබ බැඳෙමි
    කවදාක හෝ
    හිමි වේ සිතා..

    ReplyDelete
  4. හිමි වීමම ආදරය නොවෙයි බව ඒ හදවත මට කියලා දුන්නා‍
    අහිමිවීමත් ආදරේම කොටසක්ලු....
    හිමි නොවුනත් ආදරෙයි මම හැමදාමත්

    ඔයාගේ පද ටික හරිම ලස්සනයි රෙඩ්...

    ReplyDelete