Monday, July 23, 2012

ගෙවෙන්නේ නියං සමයයි..........

ඉද හිටෙක 
වැටෙන
පොද වැස්සට 
ඇවිස්සෙන දූවිල්ලෙන්
වැසී 
ඇස් කෙවෙන විට
නොවැස්සානම්
පොදහිරිකඩය
හැගෙන මුත්


හිරිකඩ වැදුනු
සුළග මුමුණයි
රහසින්


දිනෙක


එන බව
දියෙන් බරවූ
අනෝරාවක්
ගිගුම් දී ඇද හැලී
මහා සිසිලසක් ගෙන එන







10 comments:

  1. ලස්සනයි යාළු....ඔන්න මගේ ජීවිතේනම් නියං සමය ගෙවුණා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිත්තමීගේ හිත සතුටින් පිරිලා ඇති
      සුභ පැතුම්....මගෙනුත්

      Delete
  2. බිනර මලී කමෙන්ට් කරන්න හරි අපහසුයි ඔයාට ඒ නිසා setting >Post and Comments>Show word verification> No කරන්න එතකොට අපහසු නෑ...

    ReplyDelete
  3. ඔහ්....සමාවෙන්න අලුත්නේ.....මම හදන්නම්කෝ.......
    ස්තූතියි මේ පැත්තට ආව එකට....

    ReplyDelete
  4. නියගයක් ඇත්නම් ජීවිතේ..
    නිසැකයි හිමි වෙනවාම තමයි වැහි සමයක් ආදරේ..
    හිත පුරවාන..පුරවාන..තෙතමනයෙන්..ආදරේ සිහිලසින්..
    ඒවි ඒ වැහි සමය ඉක්මණටම නුඹ ළගට..
    අඩි තිය තියා නියගය මත්තෙ පෙනෙන නොපෙනෙන තරමට!

    ReplyDelete
  5. වර්ෂා.....මගේ බ්ලොග් එකට ගොඩවුන පළවෙනි වතාව මම දන්න විදියටනම්....ස්තූතියි යාළුවා....මගෙත් ප්‍රාර්ථනාව වැහි සමය ඉක්මනටම එන්නැයි...

    ReplyDelete
  6. ලස්සනයි යාළු :)අපූරුයි හ්ම්ම් :)

    ReplyDelete
  7. බොහෝමත්ම ස්තූතියි හිරුහිමාවී.....බ්ලොග් එකට ගොඩවුනා වගේම කමෙන්ටි කලාට ඇත්තටම සතුටුයි....

    ReplyDelete
  8. "ගිරිස්මය හැමදාම
    තියෙන් නැ එක ලෙස
    ගිගුම් දී අහස් ගැබ
    වැටේවී වැහි වතුර"

    ලස්සනයි පද වැල.. :)

    ReplyDelete
  9. ස්තූතියි රෙඩ්...අදම වෙන්ටැ එන්න ඇත්තෙ මගේ ආදරණීය බ්ලොග් එකට ස්තූතියි ඒ වෙනුවෙනුත්...

    ReplyDelete