Monday, October 29, 2012

මගේ කඳුල........

ඇවිද යමි
පිණි දිය පෙඟවූ
බෝමළුවේ
නිරුවත් දෙපා
සිඹ සනහන

ඉවකරමි
පන්සල් වත්ත
පුරා විහිදුනු
නාමල් පුසුඹට
සිත සනසවන

රැගෙන යමි
සේපාලිකා මලක්
මං තනියෙම
මල්අසුනක
පුදකරන්න

පැදකුණු කරමි
මුමුණමින්
මිදෙන්නට
සසර මඟ
‍සොවින් පිරුන

දිග හැරියෙමි
බුදු  පාමුල
ගුලිකරගත්
මගේ කඳුල
නුඹේ නමට
හඬා වැටුන



26 comments:

  1. හරිම ලස්සනයි කවියෙ අර්තයට මම හුගක් කැමතියි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සචිත්....

      Delete
  2. හ්ම්ම්ම්ම්...
    ලස්සනයි කවි පෙලනම්...
    මුකුත් නොකියම ඉන්නම්...
    බිනරී...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....හෙට කියන්නකෝ.....

      Delete
  3. හ්ම්ම්ම්...සංවේදී කවියක්...දුක හිතෙන්නේ නෑ...ගන්න දේකුත් නෑ.ඒත් පපුව ඇතුලටම වදිනවා...අනේ මන්දා...තේරෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. පපුව ඇතුලටම වැදුනානම් ඒ ඇති දැනෙන්න ලියපු එක ගැන මට මා ගැන සතුටු වෙන්න පුළුවන් ඒ කියන්නේ.....
      ස්තූතිය මානවක මගේ බ්ලොග් එකටත් ගොඩවැදුනට වගේම කමෙන්ට් කලාට....

      Delete
  4. හිතට දැනුන අපූරු කවියක්.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි දිනේෂ්.....

      Delete
  5. ඇත්තටම හරිම ලස්සනයි බිනරි කෙල්ලේ....

    දිග හැරියෙමි
    බුදු පාමුල
    ගුලිකරගත්
    මගේ කඳුල
    නුඹේ නමට
    හඬා වැටුන

    ලස්සනම පද ටික මට....

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි සිත්තමියේ......

      Delete
  6. වචනෙන් කියාගන්නට බැරි දුකින්වද
    පන්සල පුරා පායන්නේ බිනර හද..
    දුක නැති කරන යුරු කියු හිමි අසළ හිද
    දුක් වනු එපා යන බස නුඹ අසාවිද?

    ReplyDelete
    Replies
    1. ආදරේ හිතෙනවා පුංචි වැහි පැංචිට ඇත්තමයි මේ කවි දැක්කාම.....
      ස්තූතියි හො‍ඳේ...ඒත් මේ හිත දුක් නොවී ඉඳීවිද කියලා නම් කියන්න දන්නේ නැහැ...

      Delete
  7. ම්.....මොකුත් නොකිය ඉන්නම් ඒත් හිත් ගත් කවි පෙළට මොකුත් නොලිය යන්න හිතෙන්නෙ නැති හින්ද මේම ලියන්නම්....

    දිග හැරියෙමි
    බුදු පාමුල
    ගුලිකරගත්
    මගේ කඳුල
    නුඹේ නමට
    හඬා වැටුන

    ඒ පද තික හිතට ඇල්ලුව මාර විදියට ඒත් බුදු පාමුල කදුළු හලපු එක ගැන මොකක්ද මන්ද කියාගන්නවත් නොතේරෙන අමුත්තක් දැනුන.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතුවෙ නැහැ කමෙන්ට් කරාවියි....ස්තූතියි.

      Delete
  8. ආ හොදයි හොදයි ලස්සනයි


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
  9. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම කාලෙකින් මගේ බ්ලොග් එකට ආවෙත් අනේ ගොඩක් ස්තූතියි නංගෝ....ඔයාගෙත් සියලු යහපත් සිතුවිලි බලාපොරොත්තු සාර්ථක වන ආදරණීය වසරක් වෙන්නැයි ප්‍රාර්ථනා කරනවා......

      Delete
  10. මේක වෙනස්ම කවි පංතියක්!! හරිම අමුතු ගුප්ත හැඟීමක් ආවෙ!! හිතට වැදුනා..:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හිතු මේ පැත්තට ගොඩ වැදුනට....සතුටුයි ඔබේ කමෙන්ටුව දැක්කාම "හිතට වැදුනා" කිව්වාම කාටද ආස නැත්තේ.....

      Delete
  11. ඇයි නැවතිලා මෙතනින්?

    ReplyDelete
  12. මට නම් එච්චර තේරුනෙ නෑ... හ්ම්

    ReplyDelete
    Replies
    1. හී හී.........හරි ෂෝක් නොතේරුන එකත් හොඳයි....

      Delete
  13. හුඟ කාලෙකින් ලියල නෑ වගේ :( අපරාදේ

    ReplyDelete
  14. හ්ම්ම්ම්....ඔව් දැන් ලියන්නේ නැහැ.ආයිත් පටන් ගන්න නම් ආසයි බලමුකෝ...ස්තූතියි බිනරමලිට ගොඩවැදුනට යසිත්ගේ බ්ලොග් එකත් එහෙන් මෙහෙන් බැලුවා පස්සෙ වෙලාවක හොඳටම කියවන්න එන්නම්කෝ

    ReplyDelete