ඇවිද යමි
පිණි දිය පෙඟවූ
බෝමළුවේ
නිරුවත් දෙපා
සිඹ සනහන
ඉවකරමි
පන්සල් වත්ත
පුරා විහිදුනු
නාමල් පුසුඹට
සිත සනසවන
රැගෙන යමි
සේපාලිකා මලක්
මං තනියෙම
මල්අසුනක
පුදකරන්න
පැදකුණු කරමි
මුමුණමින්
මිදෙන්නට
සසර මඟ
සොවින් පිරුන
දිග හැරියෙමි
බුදු පාමුල
ගුලිකරගත්
මගේ කඳුල
නුඹේ නමට
හඬා වැටුන
හරිම ලස්සනයි කවියෙ අර්තයට මම හුගක් කැමතියි....
ReplyDeleteබොහොම ස්තූතියි සචිත්....
Deleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteලස්සනයි කවි පෙලනම්...
මුකුත් නොකියම ඉන්නම්...
බිනරී...
හ්ම්ම්....හෙට කියන්නකෝ.....
Deleteහ්ම්ම්ම්...සංවේදී කවියක්...දුක හිතෙන්නේ නෑ...ගන්න දේකුත් නෑ.ඒත් පපුව ඇතුලටම වදිනවා...අනේ මන්දා...තේරෙන්නේ නෑ...
ReplyDeleteපපුව ඇතුලටම වැදුනානම් ඒ ඇති දැනෙන්න ලියපු එක ගැන මට මා ගැන සතුටු වෙන්න පුළුවන් ඒ කියන්නේ.....
Deleteස්තූතිය මානවක මගේ බ්ලොග් එකටත් ගොඩවැදුනට වගේම කමෙන්ට් කලාට....
හිතට දැනුන අපූරු කවියක්.. ඇත්තටම ලස්සනයි..
ReplyDeleteගොඩක්ම ස්තූතියි දිනේෂ්.....
Deleteඇත්තටම හරිම ලස්සනයි බිනරි කෙල්ලේ....
ReplyDeleteදිග හැරියෙමි
බුදු පාමුල
ගුලිකරගත්
මගේ කඳුල
නුඹේ නමට
හඬා වැටුන
ලස්සනම පද ටික මට....
අනේ ස්තූතියි සිත්තමියේ......
Deleteවචනෙන් කියාගන්නට බැරි දුකින්වද
ReplyDeleteපන්සල පුරා පායන්නේ බිනර හද..
දුක නැති කරන යුරු කියු හිමි අසළ හිද
දුක් වනු එපා යන බස නුඹ අසාවිද?
ආදරේ හිතෙනවා පුංචි වැහි පැංචිට ඇත්තමයි මේ කවි දැක්කාම.....
Deleteස්තූතියි හොඳේ...ඒත් මේ හිත දුක් නොවී ඉඳීවිද කියලා නම් කියන්න දන්නේ නැහැ...
ම්.....මොකුත් නොකිය ඉන්නම් ඒත් හිත් ගත් කවි පෙළට මොකුත් නොලිය යන්න හිතෙන්නෙ නැති හින්ද මේම ලියන්නම්....
ReplyDeleteදිග හැරියෙමි
බුදු පාමුල
ගුලිකරගත්
මගේ කඳුල
නුඹේ නමට
හඬා වැටුන
ඒ පද තික හිතට ඇල්ලුව මාර විදියට ඒත් බුදු පාමුල කදුළු හලපු එක ගැන මොකක්ද මන්ද කියාගන්නවත් නොතේරෙන අමුත්තක් දැනුන.....
ඇත්තටම හිතුවෙ නැහැ කමෙන්ට් කරාවියි....ස්තූතියි.
Deleteආ හොදයි හොදයි ලස්සනයි
ReplyDelete"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ
ස්තූතියි ඔබට...
Deleteඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.
ReplyDeleteබොහෝම කාලෙකින් මගේ බ්ලොග් එකට ආවෙත් අනේ ගොඩක් ස්තූතියි නංගෝ....ඔයාගෙත් සියලු යහපත් සිතුවිලි බලාපොරොත්තු සාර්ථක වන ආදරණීය වසරක් වෙන්නැයි ප්රාර්ථනා කරනවා......
Deleteමේක වෙනස්ම කවි පංතියක්!! හරිම අමුතු ගුප්ත හැඟීමක් ආවෙ!! හිතට වැදුනා..:)
ReplyDeleteගොඩක් ස්තූතියි හිතු මේ පැත්තට ගොඩ වැදුනට....සතුටුයි ඔබේ කමෙන්ටුව දැක්කාම "හිතට වැදුනා" කිව්වාම කාටද ආස නැත්තේ.....
Deleteඇයි නැවතිලා මෙතනින්?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමට නම් එච්චර තේරුනෙ නෑ... හ්ම්
ReplyDeleteහී හී.........හරි ෂෝක් නොතේරුන එකත් හොඳයි....
Deleteහුඟ කාලෙකින් ලියල නෑ වගේ :( අපරාදේ
ReplyDeleteහ්ම්ම්ම්....ඔව් දැන් ලියන්නේ නැහැ.ආයිත් පටන් ගන්න නම් ආසයි බලමුකෝ...ස්තූතියි බිනරමලිට ගොඩවැදුනට යසිත්ගේ බ්ලොග් එකත් එහෙන් මෙහෙන් බැලුවා පස්සෙ වෙලාවක හොඳටම කියවන්න එන්නම්කෝ
ReplyDelete