හිතාදර සඳ රාජිණී.....
සිහදහස් රැහැයියන් කළුවරට පෙම් බැඳන්
තරු එක්ක දොඩමළුව රාත්‍රිය ආදරෙන්
සඳළුතලයේ කෙනෙක් ඇහැර හුදකලාවෙන්
බිනර මල රාත්‍රියෙ සුවම සුව නින්දකින්
තරු කැකුළු අසාපන්...කළුවරට ඉඩදියන්
බිනර සඳ අසාපන්..නුඹෙ එළිය නිවාපන්
මගෙ බිනරි සුදු වළාකුළු අතර වෙලාපන්
තනිය නැති කරන්නට සඳ සාවි එවාපන්
කොඳ කුසුම් යහන වට පිළිවෙලට එතීලා
පිණි බිංදු මත සඳේ මෘදු කිරණ වැටීලා
ඒ දසුන දෙව් ලොවක අසිරි සිරි මවාලා
මගේ රෝස මල් කුමරි රෑ කාලේ පිපීලා
සඳළුතලයේ කෙනෙක් ගඟන මත නෙත් තබන්
තරු කැකුළු නිවාලා සඳුට දුක පවසමින්
අසාඉන් බිනර මල...... නුඹ නැතිව පාළුවෙන්
ගඟන මත නොපායන
මිහිකතේ නැඟී එන
නුඹට ආදරෙ පුදන
මමයි නුඹෙ බිනර සඳ.........
මගේ යාළුවාගේ තඩි බෝල අකුරු වලින් හැඩ වුන ලස්සනම ලස්සන ලිපියක් සැප්තැම්බර් 28 වෙනිදා උදේ පාන්දර මට ලැබුනා. ඒ ලිපියෙ තිබුන කවි ටික තමයි ඔය උඩින් තියෙන්නෙ....
ඇය රාත්‍රි වැඩමුරයත් මම උදේ වැඩමුරයටත් යෙදිලා හිටපු පහු ගිය සතියට කලින් සතියෙ ඇත්තටම අපි දෙන්නටම ජීවිතේ උදා වුන තවත් එක සතියක් විතරක්ම නොවුන නිසා, ඇයට මාව කෙසේ වෙතත් මට ඇගේ සෙවනැල්ල ගොඩක්ම ඕන උන සතියක් නිසා ඇගේ අඩුව මට බොහොම දැනුනා...ඇයට කියන්නට තිබූ බොහෝ දෑ මම තනිවම හිතේ හිර කරන් හිටියා....
ඒ හින්දම වෙන්න ඇති එදා මේ කවි ටික මම කදුළු හල හල කියෙව්වෙ
මගේ ආදරණීය බිනර සඳ හැමදාමත් කියනවා වගේ ඔයා මගේ සංසාරගත මිතුරිය
හැමදාමත් මගේ ළඟ ඉදීවියි මගේ ප්‍රාර්ථනාව........