Monday, October 29, 2012

මගේ කඳුල........

ඇවිද යමි
පිණි දිය පෙඟවූ
බෝමළුවේ
නිරුවත් දෙපා
සිඹ සනහන

ඉවකරමි
පන්සල් වත්ත
පුරා විහිදුනු
නාමල් පුසුඹට
සිත සනසවන

රැගෙන යමි
සේපාලිකා මලක්
මං තනියෙම
මල්අසුනක
පුදකරන්න

පැදකුණු කරමි
මුමුණමින්
මිදෙන්නට
සසර මඟ
‍සොවින් පිරුන

දිග හැරියෙමි
බුදු  පාමුල
ගුලිකරගත්
මගේ කඳුල
නුඹේ නමට
හඬා වැටුන