Monday, July 23, 2012

ගෙවෙන්නේ නියං සමයයි..........

ඉද හිටෙක 
වැටෙන
පොද වැස්සට 
ඇවිස්සෙන දූවිල්ලෙන්
වැසී 
ඇස් කෙවෙන විට
නොවැස්සානම්
පොදහිරිකඩය
හැගෙන මුත්


හිරිකඩ වැදුනු
සුළග මුමුණයි
රහසින්


දිනෙක


එන බව
දියෙන් බරවූ
අනෝරාවක්
ගිගුම් දී ඇද හැලී
මහා සිසිලසක් ගෙන එන







‍‍මිතුරියෙ ඔබටයි...........

මා හැදිනූ
මා හද දිනූ
ආඩම්බරකාර 
මොණර ඇස් හිමි ඔයා
හැමදාමත්
මගේ.........


කල්පයක් මට,
දොඩමළු නොවූ
දින ගණන

ඔයාත් එක්ක


ලෝබයි,
හැගෙන
දැනෙන
මහා සුරැකුමක් හිමි
මුදු සුමුදු
සුරතේ බැදුමට


ආදරණීයයි
දයාබරයි
සෙනෙහෙවන්තයි

යාළුකමට 
මම 
ආදරෙයි
සංසාරගත මගේ මිතුරියේ........