Thursday, August 23, 2012


අහස් කුස මගෙ නොවෙයි
නිල් සයුර මගෙ නොවෙයි
හමන මදනළ මගෙ නොවෙයි
ඒ නුඹත් මගෙ නොවෙයි

ඒ නමුත්

නුඹ නමින් මා ලියූ කවි පද මගේමයි
නුඹ නමින් මා මැවූ සිහිනයද මගේමයි
නුඹ නමින් එකතු කල ‍මතකයද ම‍ගේමයි
නුඹ නමින් ප්‍රේම කල මේ හිතද ම‍ගේමයි.....

                                                         
ජීවිතේ තරම්ම වටිනවා



මොහොතකට මම ඔයාගෙ ජීවිතේ
ඔයාගෙන් උදුර ගත්තොත්

ඔයාට මොනතරම් දුක හිතේවිද ?
ඒත් ඔයා දුක් වෙනවා 
මට බලන් ඉන්න පුළුවන් වේවිද?
මම නම් දන්නෙ නෑ

හිතා මතා ඔයාගෙ ජීවිතේ
මම ටිකකට නොවෙයි
මුළු ජීවිත කාලෙටම
හොරකම් කරගත්තා කියලා 
ඔයා මට‍‍‍ චෝදනා කරනවද ?

ඔයා ඔයාගෙ ජීවිතේ 
කියලා හිතන් ඉන්නෙ
ඔයාගෙ ආදරේ නම්
අනේ
ඒ ජීවිතේ වෙන්න තරම්
මම වාසනාවන්තද ?

Thursday, August 9, 2012



මං ආදරෙයි

මං ආදරෙයි 
ඔයා මගෙ ළග ඉන්නවා නම්

මං තවත් ආදරෙයි 
ආදරේ කියා දීපු ඔයාගෙ
ලස්සන ඇස් දෙකට

මං ගොඩක් ආදරෙයි....
ආදරේට ආදරේ කරන්න
කියා දීපු ඔය හදවතට

මං මගේ ජීවිතේටත් වඩා ආදරෙයි
මාව ආදරෙන් බලා ගන්න ඔයාට.....


Sunday, August 5, 2012

හිදිමි මග දුර බලන්.........

විටෙක දැනෙනා සුමුදු සිසිලස
හැර යාවි නම් සැනින් වෙන්වී
ගොතන ගෙත්තම් දිවි කතර ගැන
ඵලක් වේවිද කිනම් ලෙසකින්

ලෙලෙන අතු අග පිපුණු මල් ඇත
සුවද විහිදුන් පෙති අරන්
දැවෙන ලෝකෙක නොසැලි ඉමු අපි
කදුළු පොදි බැද ගුලි කරන්

සුපෙම් ලෝකෙක බැදෙන ප්‍රාසද
ස්වප්නයක් ලෙස දැක ඇතත්
සැලෙන නෙතු අග දකින තුරු එය
හිදිමි මග දුර බලන්