Wednesday, October 10, 2012

හිතාදර සඳ රාජිණී.....

සිහදහස් රැහැයියන් කළුවරට පෙම් බැඳන්
තරු එක්ක දොඩමළුව රාත්‍රිය ආදරෙන්
සඳළුතලයේ කෙනෙක් ඇහැර හුදකලාවෙන්
බිනර මල රාත්‍රියෙ සුවම සුව නින්දකින්

තරු කැකුළු අසාපන්...කළුවරට ඉඩදියන්
බිනර සඳ අසාපන්..නුඹෙ එළිය නිවාපන්
මගෙ බිනරි සුදු වළාකුළු අතර වෙලාපන්
තනිය නැති කරන්නට සඳ සාවි එවාපන්

කොඳ කුසුම් යහන වට පිළිවෙලට එතීලා
පිණි බිංදු මත ස‍ඳේ මෘදු කිරණ වැටීලා
ඒ දසුන දෙව් ලොවක අසිරි සිරි මවාලා
මගේ රෝස මල් කුමරි රෑ කාලේ පිපීලා

සඳළුතලයේ කෙනෙක් ගඟන මත නෙත් තබන්
තරු කැකුළු නිවාලා සඳුට දුක පවසමින්
අසාඉන් බිනර මල...... නුඹ නැතිව පාළුවෙන්
ගඟන මත නොපායන
මිහිකතේ නැඟී එන
නුඹට ආදරෙ පුදන
මමයි නුඹෙ බිනර සඳ.........


මගේ යාළුවාගේ තඩි බෝල අකුරු වලින් හැඩ වුන ලස්සනම ලස්සන ලිපියක් සැප්තැම්බර් 28 වෙනිදා උදේ පාන්දර මට ලැබුනා. ‍ඒ ලිපියෙ තිබුන කවි ටික තමයි ඔය උඩින් තියෙන්නෙ....
ඇය රාත්‍රි වැඩමුරයත් මම උදේ වැඩමුරයටත් යෙදිලා හිටපු පහු ගිය සතියට කලින් සතියෙ ඇත්තටම අපි දෙන්නටම ජීවිතේ උදා වුන තවත් එක සතියක් විතරක්ම නොවුන නිසා, ඇයට මාව කෙසේ වෙතත් මට ඇගේ සෙවනැල්ල ගොඩක්ම ඕන උන සතියක් නිසා ඇගේ අඩුව මට බොහොම දැනුනා...ඇයට කියන්නට තිබූ බොහෝ දෑ මම තනිවම හිතේ හිර කරන් හිටියා....
ඒ හින්දම වෙන්න ඇති එදා මේ කවි ටික මම කදුළු හල හල කියෙව්වෙ
මගේ ආදරණීය බිනර සඳ හැමදාමත් කියනවා වගේ ඔයා මගේ සංසාරගත මිතුරිය
හැමදාමත් මගේ ළඟ ඉදීවියි මගේ ප්‍රාර්ථනාව........

16 comments:

  1. කවි ටිකනම් කියන්න වචන නෑ පාළුව කාන්සිය ආදරය ලස්සනට ලියවිලා...

    තරු කැකුළු අසාපන්...කළුවරට ඉඩදියන්
    බිනර සඳ අසාපන්..නුඹෙ එළිය නිවාපන්
    මගෙ බිනරි සුදු වළාකුළු අතර වෙලාපන්
    තනිය නැති කරන්නට සඳ සාවි එවාපන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සිත්තමී....ඒ දවස් බිනර සඳටත් මටත් අපේ යාළුකම බොහොම තදින් ඕන උන දවස් ටිකක් ඒ නිසා මේ විදියට ලියවෙන්න ඇති.....

      Delete
  2. හරිම ලස්සණ කවි ටික... ස්තූතියි ඔබට අපත් සමග බෙදා හදා ගත්තට...

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් බිනර සඳ ලියන කවි බොහොම ලස්සනයි....ස්තූතියි මේ පැත්තට එනවට....

      Delete
  3. බිනර මලී.. ඔයා දන්නවනේ... මටත් ඒ කාලේ ඔයාව ඕනේ උනා ගොඩාක්..
    ඒත් අපි ගොඩක් ඈතින්නේ උන්නේ...
    එකෙන් අපි දෙයක් ඉගන ගත්තා..
    ඒ තමයි.. ජීවිතේට තනියම මූණ දෙන්න පුරුදු වෙන එක...
    ඒ අත්දැකීමත් හරිම වටිනවා නේද බිනරි...
    මගේ හිතේ ඔයා ගැන මේ වගේ කවි පහල වෙන්නේ අද ඊයේ ඉඳන් නෙමේනේ.. එදායි .. අදයි වගේම හෙටත් එහෙමම තමයි..
    ඇත්තටම ඔයාගේ හිනාව.. මගේ කවි හැකියාව වැඩි කරන්න උල්පන්දම් දෙනවා මගේ හිතේ...

    ReplyDelete
    Replies
    1. හි හි මට ලැජ්ජයි අන්තිමට ‍වාක්‍ය කියවද්දි......එච්චරයි කියන්නෙ මම

      Delete
  4. හරිම ලස්සන ආදරණීය කවි පෙළක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....ඔව් ආදරණීය යාළුවෙක්නෙ ලියුවෙ...

      Delete
  5. කවි ගැන මට දැනුමක් නැ.ඔබේ හැඩයට මගේ සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ආදරයෙන් පිළිගන්නවා බිනරමලී වෙත ඔබව ගයනි....සුභ පැතුමට ස්තූතියි ඒත් මේ කවිය ලිව්වෙ නම් මම නොවෙයි...

      Delete
  6. හරිම ලස්සනයි යාලු..

    ReplyDelete
  7. බිනර සඳ වෙනුවෙන් මගේ ස්තූතිය හිරුටත්......

    ReplyDelete
  8. ඇත්ත යාළුකමක් කවදාවත් ඔයාව හැර යන්නේ නැහැ.මටත් ඉන්නවා සංසාරගත මිතුරියක්.පිරිසිදු හිතින් ඔයාට ලං වුණු කෙනෙක් නම් හැම භවයකදිම ඔයාට එයාව මිතුරියක් වෙලා මුණ ගැහේවි.
    ජය වේවා!

    ReplyDelete
  9. ඔව් නංගෝ....හැමදාමත් ළඟ ඉඳීවි

    ReplyDelete
  10. මුහුදෙ රල සෙ අහසෙ තරු සේ මිතු දම් පවති ලොව සැමදා.....

    ReplyDelete
    Replies
    1. බිනර මල් සුවඳ විඳින්නට ආපු එක ගැන ස්තූතියි සචිත්....
      ඔව් මිතුදම් පවති ලොව සැමදා.....

      Delete