හිදිමි මග දුර බලන්.........
විටෙක දැනෙනා සුමුදු සිසිලස
හැර යාවි නම් සැනින් වෙන්වී
ගොතන ගෙත්තම් දිවි කතර ගැන
ඵලක් වේවිද කිනම් ලෙසකින්
ලෙලෙන අතු අග පිපුණු මල් ඇත
සුවද විහිදුන් පෙති අරන්
දැවෙන ලෝකෙක නොසැලි ඉමු අපි
කදුළු පොදි බැද ගුලි කරන්
සුපෙම් ලෝකෙක බැදෙන ප්රාසද
ස්වප්නයක් ලෙස දැක ඇතත්
සැලෙන නෙතු අග දකින තුරු එය
හිදිමි මග දුර බලන්
මම කැමතිම මේකට :)
ReplyDelete'ලෙලෙන අතු අග පිපුණු මල් ඇත
සුවද විහිදුන් පෙති අරන්
දැවෙන ලෝකෙක නොසැලි ඉමු අපි
කදුළු පොදි බැද ගුලි කරන්'
ලස්සනයි යාලු :)
ස්තූතියි හිරු.....
ReplyDeleteඇත්තටම හරි අපුරු කවියක්..
ReplyDeleteහැබෑවටම.... සතුටුයි, ස්තූතියි දිනේෂ්....
Deleteලස්සනම වචන ටිකක්....දිගටම ලියන්න බිනරි
ReplyDeleteස්තූතියි සිත්තමී.....ඇත්තටම ස්තූතියි දිරිගැන්වීමට
Deleteහොඳට හිතට දැනෙන වචන ටිකක් බිනරි..
ReplyDeleteජය වේවා...
ස්තූතියි රෙඩ්....
ReplyDeleteවෙනසක් දැනුන...හොදයි...මම බලන් ඉන්නවා දිගටම ලියන්න....
ReplyDeleteස්තූතියි....කවදාවත් නැතුව කමෙන්ට් එකක් දැක්කාම පුදුමත් හිතුනා....
ReplyDelete