ජීවිතේ තරම්ම වටිනවා
මොහොතකට මම ඔයාගෙ ජීවිතේ
ඔයාගෙන් උදුර ගත්තොත්
ඔයාට මොනතරම් දුක හිතේවිද ?
ඒත් ඔයා දුක් වෙනවා
මට බලන් ඉන්න පුළුවන් වේවිද?
මම නම් දන්නෙ නෑ
හිතා මතා ඔයාගෙ ජීවිතේ
මම ටිකකට නොවෙයි
මුළු ජීවිත කාලෙටම
හොරකම් කරගත්තා කියලා
ඔයා මට චෝදනා කරනවද ?
ඔයා ඔයාගෙ ජීවිතේ
කියලා හිතන් ඉන්නෙ
ඔයාගෙ ආදරේ නම්
අනේ
ඒ ජීවිතේ වෙන්න තරම්
මම වාසනාවන්තද ?
ලස්සනයි කවි පෙල..
ReplyDeleteස්තූතියි දිනේෂ්...
Deleteමම නම් එයාගේ ජීවිතේ වෙන්න වාසනාවන්ත වුනේ නැ..
ReplyDeleteලස්සනයි කවිය යාළු..ඒත් අනේ මන්දා..ඔයාගේ බ්ලොග් එක මට හරියට මන් අමතක කරන දෙයක් මතක කරනවා.. :/
දිගටම ලියන්න..මම දිගටම එනවා..
සමහරවිට අපි දෙන්නටම එක සමාන අත්දැකීමක් ඇති රෙඩ්.....
Deleteස්තූතියි දිගටම එන්න මම ආසාවෙන් ඉදහිට හරි ලියන බ්ලොග් එකට පැවැත්මක් තියෙන්නෙ ඔයාලා මම ලියන දේවල් කියෙව්වොත්නේ....
ඔයා දන්නවා බිනරි... මම ආස නෑ මේවා බලන්න..
ReplyDeleteකරන්න දෙයක් නෑ..
මම ඉවසනවා..
දාන්න කමෙන්ට් එකක් හිතට එන්නේ නෑ..
දුකයි කේන්තියි දෙකක් මට..
හෆෝයි........මේවා ඉස්සර ලියපුවානේ මතක නැද්ද.....
ReplyDelete