මගේ උපන්දිනයට ලැබුනු ආදරණීයම තෑග්ග
මේ තෑග්ග මට ලැබුණෙ නම් ගිය අවුරුද්දෙ
20110920
ගාලු මුවදොර
රෝහලේ තිඹිරිගෙයි
සොඳුරු නිමේෂෙක
වේදනා බිඳ රෝස දෙතොලින්
සලා නැඟූ හඬ තාම මතකයි
අවුරුදු 23කින් ඉක්බිති
ඔබ, සතුට දුක එකට හිඳ
බෙදාගත් දිරිය දියණියයි
ඉදිරි දිවි මඟෙහි
සුවහසක් වාසනා මල් පිපේවා...!
පතන්නේ
සදාදර අම්මා.
මේ අවුරුද්දෙත් මට ලැබුන ඒ වගේම තෑග්ගක්
20120920
ආදරණීය දියණියේ,
සුසුමක් මැදින් ලද
කුසුමක් විය ඔබ
මගේ හිරු ඔබයි
මගේ සඳු ඔබයි
අහස් ගැබ මමයි නම්
ඒ අහසේ
හිරු, සඳු හා තරුද ඔබයි
ඔබ දිනූ දා අප ලොවට
හිරු පායා ආවා සේ
ලොව එළිය කරනා
මිණි පහනක් වන්න ඔබ
එයයි ආදරණීය පැතුම
ඔබ දිනූ දා....
සදාදර අම්මා.
පඃලිඃ
මේ හැම පද වැලක්ම සිය දහස් වාරයක් කියවන්න ඇති මම.ඒ හැම වෙලාවකම මගේ ඇස් කඳුලින් පිරෙනවා.පොත්, මම ආසා කරන තවත් දේ උපන්දිනේට තෑගි විදියට ලැබුනත්, හැම අවුරුද්දෙම මම බලන් ඉන්නෙ අම්මාගෙන් මේ තෑග්ග ලැබෙනකල්. සල්ලි වියදම් කරලා ගන්න කොයි තෑග්ගකටත් වඩා මේ හැඟීම් පිරුන ආදරණීය තෑග්ග මට මහමෙරක් වගේ.......
"යහපත් ප්රාර්ථනා ඉටු වෙන නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් බිනරි අක්කේ,ඔයාට.."
ReplyDeleteඒ වගේම අම්මා ලියූ කවිය ගැනත් යමක් කියන්න ඕන.මටත් මගේ උපන්දිනේ දවසට ලැබෙන වටිනාම තෑග්ග අම්මාගෙන් ලැබෙන කවියයි,තාත්තාගෙන් ලැබෙන පුංචි ක්වෝට් එකයි.ඒ ආදරේ ගාව අනිත් හැම තෑග්ගකම වටිනාකම නැතිවෙලා යනවා.ඉතින් ඔයාට දැනෙන හැගීම මටත් ඔය විදියටම දැනිලා තියෙනවා.ඔයාගෙ හිතට අම්මගේ කවිය දැනෙන්නේ කොහොමද කියලා මට තේරුංගන්න පුළුවන්.
උපන්දින සුභ පැතුමට ගොඩක් ස්තූතියි නංගෝ......
ReplyDeleteඇත්ත නගෝ....අම්මාගෙ තාත්තාගෙ සෙනෙහස ආදරය මේ අයුරින් නොලැබුනා නම්, මේ තරම් සංවේදී නොවුනා නම් අපේ ජීවිත, අපේ පැතුම් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා....
විභාගයට තව මාස 3යි නේද නගෝ...හොඳින් පාඩම් කරන්න හොඳේ සුභ පතනවා ඔයාගේ අනාගතයට.....
දවස් 11 ක් පහු වෙලා... ඒත් මගෙනුත් ඔබට සුභපැතුම්... මට කාගෙන්වත් කවි ලැබෙන්නේ නැති නිසා එතකොට දැනෙන හැඟීම මොනවගේද කියන්න නම් දන්නේ නෑ... ඒ කොහොම වුණත් ඔබේ ඉදිරි බලාපොරොත්තු ප්රාර්ථනා සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවායි ප්රාර්ථනා කරනවා...
ReplyDeleteසුභ පැතුමට ගොඩක් ස්තූතියි යාළුවා....
ReplyDeleteමං වෙනුවෙන් නම් අම්මා වගේම තව එක්කෙනෙක් කවි ලියනවා....ඒ මගේ හොඳම යාළුවා බිනර සඳ....ඔබටත් කවි ලියන යාළුවෙක් දවසක කවියක් ලියාවි.....
අම්මා කෙනෙක්ගෙන් ලැබෙන තෑග්ගක් තමා දුවෙකුට ගොඩාක්ම වටින්නේ.. :)
ReplyDeleteඒ වටිනාකම ගැන කියන්න මනින්න බැහැ නේද.....:)
Deleteකෝ මම මේකට දැම්ම කමෙන්ට් ඒක ස්පෑම් වලට ගියාද??
ReplyDeleteස්පෑම් වලත් නැහැනේ හිරු...ස්පෑම් වල ඇරෙන්න වෙන තැනක store වෙන්නත් පුළුවන්ද...???
Delete